මෙවර පොසොන් උත්සව සමයේදී පවත්වන දන්සැල්වල ආහාර සහ පාන වර්ග බෙදා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් හැකිතාක් වළකින්න කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ ඉල්ලීමක් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය සඳහා ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව වෙසක් උත්සවයටත් වඩා වැඩි බවයි. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා.
උණුසුම් ආහාර සහ පාන වර්ග ප්ලාස්ටික් හෝ පොලිතින් බහාලුම්වල ඇසිරීම සෞඛ්‍යයට ඉතාම අහිතකර බවත්, එවැනි දන්සැල් පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. ඒ වගේම, දන්සැල්වලින් පසුව ඉවතලන ප්ලාස්ටික් කෝප්ප සහ බහාලුම් නිසා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතිනවා. පසුගිය කාලයේදී දන්සැල් අවට මෙවැනි අපද්‍රව්‍ය විසිරී තිබීම නිසා මදුරුවන් බෝවන ස්ථාන නිර්මාණය වූ බවත්, ඒ නිසා ජනතාව සහ සංවිධායකවරුන් මේ ගැන ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු සිහිපත් කරනවා. පරිසරය සුරකිමින් සහ සෞඛ්‍යාරක්ෂිතව පින්කම්වල නිරත වීම සැමගේම වගකීමක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback