ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ධුරය දැරූ ධර්මේන්ද්‍ර ප්‍රධාන් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. මේ තීරණයත් එක්ක පසුගිය දින කිහිපය පුරාම දිල්ලි නුවර වීදි බැස උද්ඝෝෂණ කරපු දහස් ගණනක් තරුණ තරුණියන් මේ වන විට විශාල ජයග්‍රහණයක් සමරමින් ඉන්නවා. විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සහ විභාග පද්ධතියේ තිබුණු විවිධ අක්‍රමිකතා හේතුවෙන් තමයි මේ තරුණ පිරිස ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා දිගින් දිගටම විරෝධතා දැක්වූයේ.
මේ විරෝධතා සංවිධානය කරලා තිබුණේ ‘කොක්රෝච් ජනතා පක්ෂය’ (CJP) කියන සංවිධානය විසින්. ඇත්තටම මේක සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් නෙවෙයි, උපහාසාත්මක ව්‍යාපාරයක් විදිහට පටන් ගත්ත ජාතික මට්ටමේ එකමුතුවක්. විරෝධතා අතරතුර පොලිසියෙන් ඔවුන්ට දැඩි බලපෑම් සහ මර්දනයන් එල්ල වුණත්, අවසානයේදී ඔවුන්ගේ ඉල්ලීම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඇමතිවරයා ඉල්ලා අස්වීමත් එක්කම මේ විරෝධතා සියල්ලම නතර කරන්නත් ඔවුන් තීරණය කරලා තියෙනවා.
මේ සිදුවීම ඉන්දියාවේ තරුණ පරපුරේ හඬ කොයිතරම් බලවත්ද කියන එක ලෝකයටම පෙන්නුම් කරන අවස්ථාවක්. විභාග ක්‍රමවේදවල තිබුණු දූෂණ සහ අක්‍රමිකතා නිසා අනාගතය ගැන බියෙන් හිටපු ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට මේක ලොකු සහනයක් වෙලා තියෙනවා. ඉදිරියේදීවත් අධ්‍යාපන ක්ෂේත්රයේ මෙවැනි ගැටලු ඇති නොවෙන්න වගබලා ගන්නා ලෙසයි මේ තරුණ පිරිස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Discussion & Feedback