ඔන්න ගේමින් ලෝකයේ ඉන්න අයට තවත් සුපිරි ආරංචියක් ලැබිලා තියෙනවා. ජනප්රිය ක්රීඩා දෙකක් වන Stardew Valley සහ Project Zomboid වල අත්දැකීම් එකට එකතු කරලා අලුත්ම සොම්බි සර්වයිවල් ක්රීඩාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ‘In The Van’ කියලා නම් කරලා තියෙන මේ ක්රීඩාව Cosmic Tofu ආයතනය විසින් තමයි නිර්මාණය කරන්නේ. මේකේදී ඔයාට සිද්ධ වෙන්නේ සොම්බි ආක්රමණයකට ලක්වුණු ලෝකයක තමන්ගේ මෝටර් රථය නිවස කරගෙන ජීවත් වෙන්න. Stardew Valley වල තියෙන ගොඩනැගීමේ සහ ජීවන රටාවන් වගේම, Project Zomboid වල තියෙන භයානක සර්වයිවල් අත්දැකීම් දෙකම මේ ක්රීඩාවෙන් ඔයාට බලාගන්න පුළුවන්.
මේ ක්රීඩාවේදී ඔයාට සම්පත් හොයාගෙන යන්න, දේවල් නිර්මාණය කරන්න, මසුන් අල්ලන්න සහ සටන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ හැමදේම කරද්දී ඔයා වටේ ඉන්න සොම්බි රංචු ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයා යන ගමන් වලදී හම්බෙන පැරණි ඩිජිටල් උපකරණ වලින් මේ ලෝකය විනාශ වුණේ කොහොමද කියන රහස් හොයාගන්නත් ඔයාට පුළුවන්. මේකේ තියෙන්නේ පරණ පිකසල් ආර්ට් (pixel art) විලාසිතාවක් නිසා ඒක ඔයාට හරිම හුරුපුරුදු අත්දැකීමක් වේවි.
මේ වෙනකොටත් මේ ක්රීඩාව සංවර්ධනය වෙමින් පවතින නිසා නිශ්චිත නිකුත් කරන දිනයක් නම් ප්රකාශ කරලා නැහැ. හැබැයි ඔයාට දැනටමත් Steam හරහා මේ ක්රීඩාව ඔයාගේ Wishlist එකට එකතු කරගන්න පුළුවන්. සොම්බි ලෝකයක තමන්ගේ වෑන් රථය ඇතුලේ ආරක්ෂිතව ඉන්න කැමති ඔයාට නම් මේ ක්රීඩාව අනිවාර්යයෙන්ම මගහැරගන්න එපා.

Discussion & Feedback