‘ද මාෂන්’ සහ ‘ප්‍රොජෙක්ට් හේල් මේරි’ වැනි ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ පොත් ලියපු ඇන්ඩි වීර් මේ දවස්වල අලුත්ම වැඩකට අතගහලා තියෙනවා. හැබැයි මේ පාර එයා පොතක් ලියනවා වෙනුවට කරන්නේ ‘Exoplanet’ නමින් අලුත්ම ශ්‍රව්‍ය නාට්‍යයක් (Audiobook) නිර්මාණය කරන එකයි. මේ වැඩේට එයා එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ ලේඛක බෙන්ජමින් පර්සි. 2026 නොවැම්බර් 5 වෙනිදා එළිදැක්වීමට නියමිත මේ නිර්මාණය ඇන්ඩි වීර්ගේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි.
මේ කතාව ගෙතෙන්නේ ‘වයිල්ඩ් බ්ලූ යොන්ඩර්’ කියන අභ්‍යවකාශ යානය ක්වොන්ටම් විෂමතාවයකට අහුවෙලා විනාශ වුණාට පස්සේ ඒකේ ඉන්න කාර්ය මණ්ඩලය වෙනස් කාල වකවානුවලට විසිරී යන විදිහ ගැනයි. ඇන්තනි මැකී, ඒරියානා ඩෙබෝස් සහ ජෝන් ලෙගුයිසාමෝ වගේ ප්‍රසිද්ධ නළු නිළියන් මේකට හඬ දායකත්වය ලබා දෙනවා. එකම ග්‍රහලෝකයක හිටියත් සියවස් ගණනාවකින් වෙන් වෙලා ඉන්න මේ පිරිසට එකිනෙකා එක්ක සම්බන්ධ වෙලා බේරෙන්න පුළුවන්ද කියන එක තමයි මේ කතාවේ තියෙන ලොකුම කුතුහලය.
ඇන්ඩි වීර් කියන විදිහට මේ කතාව කියවන්න නෙවෙයි, අහන්නම ඕන එකක්. ලූකස් ෆිල්ම්ස් ආයතනයේ ශබ්ද ඉංජිනේරුවන්ගේ සහායත් එක්ක නිර්මාණය වෙන මේ ශ්‍රව්‍ය නාට්‍යය ඇත්තටම හිතට දැනෙන අත්දැකීමක් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. විද්‍යා ප්‍රබන්ධ වලට ආස කරන අයට නම් මේක අනිවාර්යයෙන්ම අහන්න වටිනා නිර්මාණයක් වේවි.

Discussion & Feedback