කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් විසින් රෝගීන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම සහ කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ හා රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් රුපියල් 520,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම නීති විරෝධී ක්‍රියා අනාවරණය කරගෙන තිබුණා. කොළඹ පාරේ පිහිටි මෙම කැන්ඩෙල්ලා පෞද්ගලික රෝහලට එරෙහිව චෝදනා තුනක් යටතේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර, එහිදී රෝහල් පාලනාධිකාරිය සියලුම චෝදනා පිළිගැනීමෙන් අනතුරුවයි මෙම දඩ මුදල නියම වුණේ.
පසුගිය ජූලි 24 වැනිදා සිදුකළ විශේෂ වැටලීමකදී රුධිර පරීක්ෂණ සඳහා නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සහ කල් ඉකුත් වූ ඉඳිකටු ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් රෝහල තුළ තිබී සොයාගෙන තිබෙනවා. අගෝස්තු 6 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දැඩි දඩ මුදල නියම කළ අතර, රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි අවධානයෙන් පසුවනවා.
මේ වගේ පෞද්ගලික රෝහල් හෝ රසායනාගාරවල කල් ඉකුත් වූ බෙහෙත්, රසායනික ද්‍රව්‍ය හෝ වෛද්‍ය උපකරණ භාවිත කරනවා නම්, ඒ වගේම පාලන මිලට වඩා වැඩි මුදලක් අය කරනවා නම් ඒ ගැන වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබට ඒ සඳහා ඔවුන්ගේ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාල වේලාවන් තුළදී පැමිණිලි කරන්න පුළුවන්.

Discussion & Feedback