ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 600ක් එකතු කිරීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය දැඩි විරෝධයක් පළ කරනවා. මේ පියවර ජාතික අපරාධයක් ලෙස හඳුන්වන එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ, මෙවැනි ක්‍රියාවන් මගින් පෞද්ගලික බස් කර්මාන්තය තවදුරටත් අර්බුදයට ලක්විය හැකි බවයි. ලංගමයට බස් 600ක් නෙවෙයි 6000ක් ගෙනාවත් තමන්ට ගැටලුවක් නැති බවත්, නමුත් බස් රථ ගෙන ඒමෙන් පමණක් රාජ්‍ය ප්‍රවාහන සේවයේ පවතින මූල්‍ය සහ මෙහෙයුම් ගැටලු විසඳෙන්නේ නැති බවත් ඔහු අවධාරණය කරනවා.
පවතින දත්තවලට අනුව ලංගමය දිනකට රුපියල් මිලියන 20ක පමණ පාඩුවක් ලබන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම ආදායමට වඩා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් විජේරත්න මහතා පෙන්වා දෙනවා. නිසි අධ්‍යයනයකින් තොරව මෙලෙස බස් රථ එකතු කිරීම වෙනුවට, රාජ්‍ය ප්‍රවාහන සේවයේ පවතින අකාර්යක්ෂමතා මගහරවා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. පෞද්ගලික බස් හිමියන් මේ වන විටත් රටේ මගී ප්‍රවාහනයෙන් විශාල කොටසක් දරමින් සිටින බව පවසන සංගමය, රජයේ මෙම තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා සූදානම් වන බව අනතුරු අඟවනවා.

Discussion & Feedback