පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න කියලා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර තිබෙනවා. පසුගිය සඳුදා දින නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
ඒ අනුව, අඟහරුවාදා (8) දින ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නාමල් රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතයි. පාර්ලිමේන්තුව අඟහරුවාදා (8) සිට සිකුරාදා (11) දක්වා රැස්වීමට නියමිතව ඇති අතර, එම දිනවලදී ඔහුට පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම කටයුතු බන්ධනාගාර බලධාරීන් විසින් සූදානම් කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback