මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තෙවැනි ‘බැට්ල් ඔෆ් ගෝල්ඩන් ක්වීන්ස්’ කාන්තා ක්‍රිකට් තරගය අවසානයේදී මොරටු වේල්ස් කුමරි විද්‍යාලය සහ යශෝධරා විද්‍යාලය අතර ඇති වුණු සිදුවීම් මාලාව මේ වන විට සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ලකුණු දෙකක තියුණු ජයක් වේල්ස් කුමරි විද්‍යාලය විසින් ලබාගත්තත්, තරගය අවසානයේදී යශෝධරා විද්‍යාලයේ විදුහල්පතිනිය තරගයේ විනිසුරුවරුන් සහ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කිරීම නිසා තත්ත්වය උණුසුම් වුණා. විශේෂයෙන්ම, පරාජයත් එක්කම යශෝධරා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් තෑගි ප්‍රදානෝත්සවයට සහභාගි නොවී පිටියෙන් ඉවත්වීමත්, විදුහල්පතිනිය ඉදිරියේදී මේ තරගාවලියට සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමත් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙලා තියෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පතිනිය පසුව අදහස් දක්වමින් කියා සිටියේ, විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සාම්ප්‍රදායිකව සිදුවන දෙයක් බවත්, ඒ ගැන කලින්ම දැනුවත් කර තිබූ බවත්ය. කෙසේ වෙතත්, පාසල් ක්‍රීඩාවක් තුළ ජය පරාජය දෙකම සමානව භාරගැනීමේ වැදගත්කම ගැන බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිහිපත් කරලා තියෙනවා. ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ විනය සහ සහයෝගීතාවය වුණත්, මෙවැනි සිදුවීම් නිසා පාසල් සිසුවියන්ට වැරදි ආදර්ශයක් ලැබෙන බවයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. මොන දේ වුණත්, තරගය නම් ඉතාමත් තියුණු සහ උද්යෝගිමත් එකක් බවට පත් වුණා.

Discussion & Feedback