බ්රිතාන්යයේ ආදරණීය කුමරිය වන ඩයනා කුමරියගේ ජීවිතය ගැන මීට පෙර කිසිවෙකුත් අසා නොමැති රහස් හඬ පට ඇතුළත් කරමින් ‘ඩයනා අන්හර්ඩ්’ (Diana Unheard) නමින් නව වාර්තා චිත්රපට මාලාවක් එළිදැක්වීමට සූදානම් වෙනවා. ප්රංශයේ පැවැත්වෙන MIPCOM උළෙලේදී ජාත්යන්තරව එළිදැක්වීමට නියමිත මෙම වාර්තා චිත්රපටය, 1991 වසරේදී ඩයනා කුමරිය ඇගේ මිතුරෙකු වන ජේම්ස් කෝල්තර්ස්ට් සමඟ රහසිගතව සිදුකළ සංවාද ඇසුරින් නිර්මාණය කර තිබෙනවා. මෙම හඬ පටවල ඇය චාල්ස් රජු, කැමිලා රැජින සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් ගැන ඉතා විවෘතව සහ නිර්භීතව අදහස් දක්වා තිබීම විශේෂත්වයක්.
මෙම වාර්තා චිත්රපටය නිෂ්පාදනය කරන ‘ලව් මන්ඩේ ටීවී’ ආයතනය පවසන්නේ, ඩයනා කුමරියව හුදෙක් අසරණ කාන්තාවක් ලෙස පමණක් නොව, තම ජීවිතයේ පාලනය තමන් සතු කරගත් ශක්තිමත් කාන්තාවක් ලෙස මෙහිදී නිරූපණය කිරීමට උත්සාහ කරන බවයි. ඇය තමන්ගේම කතාව තමන්ගේම හඬින් ලෝකයට පැවසීමට ගත් උත්සාහය මෙම වාර්තා චිත්රපටයෙන් මනාව ඉස්මතු වෙනවා. වසර තිහකට පසුව වුවත් ඩයනා කුමරිය තවමත් ලෝකය පුරාම විශාල කතාබහකට ලක්වන චරිතයක් නිසා, මෙම වාර්තා චිත්රපටය නරඹන්නන් අතර විශාල උනන්දුවක් ඇති කරනු ඇති බවටයි Cineflix ආයතනය විශ්වාස කරන්නේ. රාජකීය පවුලේ රහස් සහ ඩයනා කුමරියගේ සැබෑ ජීවිත කතාව ගැන දැනගන්න කැමති අයට මෙය ඉතා වැදගත් අවස්ථාවක් වේවි.

Discussion & Feedback