ප්රකට ‘Stillwater’ ග්රැෆික් නවකතාව පාදක කරගනිමින් අලුත්ම ත්රාසජනක කතා මාලාවක් නිර්මාණය කිරීමට ඇමසන් ප්රයිම් වීඩියෝ ආයතනය පියවර අරන් තියෙනවා. මේ සඳහා ‘You’ සහ ‘The Flight Attendant’ වැනි ජනප්රිය නිර්මාණවලට දායක වූ ග්රෙග් බර්ලැන්ටි සහ කාර්ලි රේ එකතු වෙනවා. කථාංග අටකින් සමන්විත මේ කතා මාලාව, අභිරහස් ලිපියක් නිසා ‘Stillwater’ නම් කුඩා නගරයකට යන ඩැනියෙල් වෙස්ට් නම් හිටපු සිරකරුවා වටා ගෙතී තිබෙනවා. කිසිවෙකු මහලු නොවන, කිසිවෙකු මිය නොයන සහ කිසිවෙකුටත් පිටව යා නොහැකි මේ අමුතු නගරයේ සිදුවන අද්භූත සිදුවීම් මාලාවක් මෙහි දැකගන්න පුළුවන්.
මෙම නිර්මාණය ගැන අදහස් දක්වමින් බර්ලැන්ටි සහ රේ පවසන්නේ, මෙය හුදෙක් අමරණීයභාවය ගැන කියවෙන කතාවක් පමණක් නොව, මිනිසුන් තම පැවැත්ම වෙනුවෙන් කොතරම් දුරකට යයිද යන්න විමසා බලන ගැඹුරු මානුෂීය කතාවක් බවයි. වෝනර් බ්රදර්ස් ටෙලිවිෂන් සහ ස්කයිබවුන්ඩ් එන්ටර්ටේන්මන්ට් එකතුවෙන් නිෂ්පාදනය කෙරෙන මෙම කතා මාලාව, ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇති බවටයි නිෂ්පාදක කණ්ඩායම විශ්වාස කරන්නේ. දැනටමත් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති මෙම කතා මාලාව, ඉදිරියේදී ප්රයිම් වීඩියෝ හරහා ලොව පුරා සිටින රසිකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback