ලෝකයේම අවධානය දිනාගත්ත Twin Peaks සහ From වගේ අභිරහස් කතා මාලාවන් ආයෙත් දකින්න ලැබෙයිද කියලා ගොඩක් දෙනෙක් හිතනවා. ඉතින් ඒ වගේම අමුතුම අත්දැකීමක් ලබාදෙන්න Prime Video ආයතනය සූදානම් වෙන්නේ ‘Stillwater’ කියන අලුත්ම කතා මාලාවත් එක්කයි. මේක Skybound ග්‍රැෆික් නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙන්නක්. කතාවේ ප්‍රධාන චරිතය වන ඩැනියෙල්ට ලැබෙන අභිරහස් ලිපියක් නිසා ඔහු Stillwater කියන නගරයට යනවා. ඒත් එතනට ගියාම ඔහුට තේරෙනවා මේ නගරයේ කවුරුත් මැරෙන්නේ නැති, වයසට යන්නේ නැති සහ කාටවත් පිටවෙන්න බැරි අමුතුම තත්ත්වයක් තියෙනවා කියලා.
මේ කතා මාලාව නිෂ්පාදනය කරන්නේ Titans සහ Chilling Adventures of Sabrina වගේ ජනප්‍රිය නිර්මාණ කරපු ග්‍රෙග් බර්ලන්ටි විසින්. මේකේ තියෙන අඳුරු සහ අභිරහස් ස්වභාවය නිසා Twin Peaks රසිකයන්ටත් මේක ගොඩක් සමීප වෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ. සාමාන්‍ය කතා මාලාවන් වගේ නෙවෙයි, මේකේ ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර හම්බවෙන්නේ නැහැ. ඒ නිසාම මේක හරිම කුතුහලයෙන් පිරුණු අත්දැකීමක් වෙයි. ආදර කතා හෝ පවුල් ප්‍රශ්න වලට වඩා බියකරු සහ අභිරහස් දේවල් වලට මුල්තැන දීලා තියෙන Stillwater, ඉදිරියේදී ලෝකයේම කතාබහට ලක්වෙන කතා මාලාවක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback