ප්‍රසිද්ධ ලේඛක උල්ෆ් ක්වෙන්ස්ලර්ගේ මංගල නවකතාව වන ‘සාරෙක්’ (Sarek) පාදක කරගෙන අලුත්ම මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක කතාමාලාවක් නිර්මාණය කරන්න ප්‍රයිම් වීඩියෝව (Prime Video) මේ වන විට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ස්වීඩනයේ සාරෙක් ජාතික උද්‍යානයේ සුන්දර පරිසරය පසුබිම් කරගෙන නිර්මාණය වන මෙම කතාමාලාව, මිතුරන් පිරිසක් යන කඳු නැගීමේ චාරිකාවක් කොයිතරම් භයානක අතකට හැරෙනවාද කියන එක ගැන අපූරු කතාවක් කියනවා. මේ කතාමාලාවට ‘ක්වික්සෑන්ඩ්’ සහ ‘බැරකුඩා ක්වීන්ස්’ වැනි ජනප්‍රිය නිර්මාණවලින් දායක වුණු ෆීලික්ස් සැන්ඩ්මන්, අල්වා බ්රැට් වගේ දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් එකතු වෙනවා.
කතාවේ සාරාංශයට අනුව, බරපතළ තුවාල ලැබූ කාන්තාවක් බේරාගැනීමෙන් පස්සේ ඇය පොලිසියට කියන කතාව සහ පසුව හමුවන තවත් සාක්ෂිකාරියකගේ කතාව අතර තියෙන විශාල පරස්පරතාව නිසා මුළු කතාවම උඩු යටිකුරු වෙනවා. එකම සිදුවීමක් ගැන දෙන්නෙක් දෙවිදියකට කියනකොට ඇත්ත මොකක්ද කියන එක හොයාගන්න එක ලොකු අභියෝගයක් වෙනවා. මේ කතාමාලාවේ රූගත කිරීම් ජූලි මාසයේදී ආරම්භ වෙන්න නියමිත අතර, 2027 වසරේදී ප්‍රයිම් වීඩියෝ නෝර්ඩික්ස් හරහා ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක කතා රසිකයන්ට මේක අනිවාර්යයෙන්ම මගහැරගන්න බැරි නිර්මාණයක් වේවි.

Discussion & Feedback