කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමද් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කටාර් රාජ්‍යයට ගොස් තිබෙනවා. ඇය ලුසයිල් මාලිගයේදී කටාර් රාජ්‍යයේ වත්මන් එමීර්වරයා වන ෂෙයික් තමිම් බින් හමද් අල් තානි මහතා හමුවී සිය ශෝකය පෞද්ගලිකවම ප්‍රකාශ කළ බවයි වාර්තා වෙන්නේ.
මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය එමීර්වරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වූ අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ දූත පිරිස, හිටපු එමීර්වරයාගේ අභාවය සම්බන්ධයෙන් කටාර් රාජකීය පවුල වෙත සිය සංවේගය පළ කර සිටියා. පසුගිය සඳුදා දිනයේදී අග්‍රාමාත්‍යවරිය කටාර් බලා පිටත්ව ගියේ මෙම ශෝකී අවස්ථාවට සහභාගී වීම සඳහායි.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මෙවැනි දුෂ්කර අවස්ථාවකදී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සිහිපත් කළා. කටාර් රාජ්‍යයේ අමිරි දිවාන් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන වැදගත් අවස්ථාවක් බවයි.

Discussion & Feedback