පෝලන්තයේ ජරෝස්ලාව් නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයක පරිශ්‍රයේදී ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. එහිදී පිහි ඇනුමකට ලක්වීමෙන් පූජකවරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙන අතර තවත් පුද්ගලයන් හතර දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මේ ප්‍රහාරය සිදුකරලා තියෙන්නේ 31 හැවිරිදි යුක්රේන ජාතිකයෙක්. සැකකරු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. මුලින්ම අසල තිබුණු කැෆේ එකකදී පූජකවරයෙකුට පහර දීලා, පසුව දේවස්ථානය ඇතුළට ගිහින් තවත් පිරිසකට මෙලෙස පිහියෙන් ඇන තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් පෝලන්ත ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි කම්පනයක් පළ කරලා තියෙනවා. වැරදිකරුට පෝලන්ත නීතිය අනුව උපරිම දඬුවම් ලබා දෙන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිත් මේ සිද්ධිය හෙළා දකිමින් පවසා තිබෙන්නේ, මේ අපරාධය සිදුකළ පුද්ගලයා නීතිය ඉදිරියේ වගකිව යුතු බවයි. මේ වන විටත් පෝලන්ත බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු අයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක සහය ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා. යුක්රේන තානාපති කාර්යාලයත් මේ සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින්, වෛරය පැතිරවීමට ඉඩ නොතබා නීතියේ ආධිපත්‍යය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

Discussion & Feedback