ලෝක ප්රකට නිරූපිකාවක වන සින්ඩි ක්රෝෆර්ඩ්ගේ පුත්, ප්රෙස්ලි ගාබර්ගේ අභාවය පිළිබඳ පුවත මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙලා තියෙනවා. සැන්ටා මොනිකා හි පිහිටි පුනරුත්ථාපන මධ්යස්ථානයකදී ඔහු මියගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතුව මත්ද්රව්ය අධි මාත්රාවක් විය හැකි බවට සැන්ටා මොනිකා පොලිසිය සැක පළ කරනවා. දැනට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුව තවමත් තහවුරු කරගෙන නැති අතර, වැඩිදුර වෛද්ය පරීක්ෂණ වාර්තා එනතුරු එය කල් දමා තිබෙනවා.
ප්රෙස්ලි තමන්ගේ මානසික සෞඛ්ය ගැටලු සහ මත්ද්රව්ය භාවිතය පිළිබඳව මීට පෙර සමාජ මාධ්ය හරහා විවෘතව අදහස් දක්වා තිබුණා. වයස අවුරුදු 16දී නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඔහු, ලොව ප්රසිද්ධ වෙළඳ නාම රැසක් සඳහා දායක වෙමින් කෙටි කලකින් ජනප්රිය වුණා. 2019 වසරේදී බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු කරළියට පැමිණියා. තමන් ඉතා ඉක්මනින් වැඩිහිටියෙකු වීමට සිදුවීම ජීවිතයේ විශාල වෙනසක් ඇති කළ බව ඔහු මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.
ප්රෙස්ලිගේ පවුලේ අය මේ වන විටත් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී මේ මොහොතේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි. ඔහුගේ සහෝදරිය වන කයියා ගාබර් ද නිරූපණ ක්ෂේත්රයේ නමක් දිනාගත් තැනැත්තියක්. තරුණ වියේදීම මෙවැනි දක්ෂයෙකු අහිමි වීම රසිකයන්ට මෙන්ම ඔහුගේ පවුලේ අයටත් දරාගත නොහැකි පාඩුවක් වෙලා තියෙනවා.

Discussion & Feedback