අඩු ආදායම් ලබන ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහන මුලින්ම උතුරු මැද පළාතෙන් තමයි ආරම්භ වුණේ. ඒ වෙනුවෙන් පැවැත්වුණු සමාරම්භක උත්සවය කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වුණා. මේ අවස්ථාවට අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.
ලොතරැයි අලෙවිය හරහා ජනාධිපති අරමුදලට ලැබෙන දායකත්වය අගය කිරීමක් විදිහට තමයි මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. පළමු ශ්‍රේණියේ ඉඳන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ට මේ හරහා මූල්‍යමය සහයෝගයක් ලැබෙනවා. ඉදිරියේදී මේ වැඩසටහන දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා බලධාරීන් සඳහන් කරනවා.
මේ ගැන අදහස් දක්වපු කථානායකතුමා කිව්වේ, ජනාධිපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම අසරණ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් විනිවිදභාවයකින් යුතුව යොදවන බවයි. වසර 50ක ඉතිහාසයක් තියෙන ජනාධිපති අරමුදල පසුගිය වසරේ ඉඳන් සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත්වෙලා තියෙනවා. මේ වැඩසටහන නිසා දුෂ්කරතා මැද ජීවත් වන ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරගන්න ලොකු පිටුවහලක් ලැබෙනවා.

Discussion & Feedback