රටේ සිදුවුණු දූෂණ සහ වංචා සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම ජනතාවගේ බලාපොරොත්තුවක් බවත්, ඒ වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවට යටවීමට ඉඩ නොතබන බවත්, වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර දීම රජයේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා කිසිදු පුද්ගලික පළිගැනීමකින් තොරව රාජ්‍ය නිලධාරීන්ගේ සිට දේශපාලන නායකත්වය දක්වා සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය මේ වන විටත් දැඩි පියවර රැසක් ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ට අනුබල දෙන දේශපාලන සහ රාජ්‍ය ආයතන තුළ පවතින දූෂිත ජාලයන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මේ කාර්යය ඉටු කරන නිලධාරීන් අද වන විට විපක්ෂයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබීම කණගාටුදායක බවත්, රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මෙම අපරාධ ව්‍යුහයන් සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට රජය තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කළා. රටේ අනාගතය වෙනුවෙන් මෙම අභියෝගය ජය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Discussion & Feedback