ශ්රී ලංකා පොලිස් සේවය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරලා තියෙනවා. 2027 වසර මැද භාගය වන විට මෙම නව නිල ඇඳුම හඳුන්වා දීමට නියමිතයි. වර්තමාන පොලිස් සේවයට ගැළපෙන පරිදි, ශරීර කැමරා, අත්බෑන්ඩ්, විදුලි පන්දම් සහ අත්බිලංගු වැනි නවීන උපකරණ පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයට මෙම නිල ඇඳුම නිර්මාණය කරන්න කියලා ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා වෘත්තීය මට්ටමේ විලාසිතා නිර්මාණ ආයතනයක සහාය ලබා ගැනීමටත් සැලසුම් කරලා තියෙනවා.
මේ වෙනස්කම් සිදු කරන්නේ පොලිස් සේවය වඩාත් ගෞරවනීය සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ අරමුණින්. ඒ වගේම, පොලිස් නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් දියුණු කිරීමටත් රජය පියවර ගන්නවා. විශේෂයෙන්ම, ලබන ජනවාරි මාසයේ සිට පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දීමටත්, උසස්වීම් සම්බන්ධ ගැටලු විසඳීමටත් කටයුතු කරනවා. දැනට පවතින කාර්ය මණ්ඩල හිඟය මගහරවා ගැනීමට අලුතින් 10,000ක් බඳවා ගැනීමටත්, පොලිස් මූලස්ථානය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමටත්, නව යතුරුපැදි සහ වාහන ලබා දීමටත් රජය සැලසුම් කරලා තියෙනවා. මේ සියල්ල හරහා ශ්රී ලංකා පොලිසිය නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් සන්නද්ධ, ජනතාවගේ ගෞරවය දිනාගත් සේවාවක් බවට පත් කිරීම තමයි රජයේ බලාපොරොත්තුව.

Discussion & Feedback