ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර පානීය ජල ගැටලුවට ස්ථිර සහ දිගුකාලීන විසඳුමක් ලබාදීම සඳහා 2027 වසරේ අයවැයෙන් මෙතෙක් ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරලා තියෙනවා. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සමාලෝචනය කරමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ, ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ආයතනික අකාර්යක්ෂමතා වහාම ඉවත් කළ යුතු බවයි. ඒ සඳහා වැඩක් නොවන ආයතන අහෝසි කරමින් රජයේ මූල්‍ය බර අඩු කිරීමටත් එතුමා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙහිදී මහනුවර–උතුරු ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය, කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සහ අනුරාධපුර–උතුරු ජල ව්‍යාපෘතිය වැනි ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැනත් දීර්ඝව සාකච්ඡා කළා. ජල ගැටලුවට අමතරව, යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන් කඩිනම් කරන්නත්, අඩු ආදායම්ලාභී පවුල්වල අඩක් නිම කර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය සහන ලබා දෙන්නත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිරි 2027 වසරේදීත් මෙම නිවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා.

Discussion & Feedback