අපේ රටේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ වේගවත් කරන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, දැනට විසිරී පවතින රාජ්‍ය ආයතනවල පද්ධති සියල්ලම එකම ජාතික ඩිජිටල් රාමුවකට ගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව කටයුතු කළ යුතුයි. මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන වැඩ කරනවා.
මුලින්ම මේ වැඩපිළිවෙල එක් දිස්ත්‍රික්කයක් ආදර්ශයක් විදියට අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දියත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාර්ථකව අත්හදා බැලූ වී මිලදී ගැනීම් සහ ආපදා සහන බෙදාදීමේ ඩිජිටල් ක්‍රමවේදයන් මෙහිදී උදාහරණ විදියට යොදා ගන්නවා. ග්‍රාම නිලධාරී මට්ටමේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා රාජ්‍ය සේවා 300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ හරහා ඩිජිටල්කරණය කෙරෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ පත්වීම්වල සිට විශ්‍රාම ගැනීම දක්වා සියලු කටයුතු කළමනාකරණය කරන ‘GovHR’ පද්ධතියත්, වැටුප් ගෙවීම් ඇතුළු සේවාවන් දියුණු කරන ‘GovPay’ පද්ධතියත් මේ යටතේ වැඩි දියුණු වෙනවා. බදු ගෙවීම්, උපයෝගිතා බිල්පත් ගෙවීම්, බලපත්‍ර නිකුත් කිරීම් සහ මහජන පැමිණිලි විසඳීම වැනි සේවාවන් ඉතා පහසුවෙන් ජනතාවට ලබාගන්න පුළුවන් විදියට මේ පද්ධතිය සකස් කරනවා. මේ වෙනසත් එක්ක රාජ්‍ය සේවයේ තියෙන ප්‍රමාද දෝෂ මගහැරී ජනතාවට ඉතා ඉක්මනින් සේවාවන් ලබාගන්න අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback