සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වන සිවරාස අනුජන්ව බේරා ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්න කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී මේ වන විට අනුජන් වෙනුවෙන් අරගෙන තියෙන පියවර සහ ඉදිරියේදී ගන්න පුළුවන් නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැන දීර්ඝව සාකච්ඡා කළා.
අනුජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෞදි අරාබි බලධාරීන් එක්ක දිගින් දිගටම සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා නිලධාරීන්ට අවධාරණය කළා. ඒ වගේම අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරලා, මේ ප්රශ්නය විසඳා ගන්න තියෙන හැම නීතිමය අවස්ථාවක්ම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න කියලත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.
මේ සාකච්ඡාවට නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා. කොහොම හරි මේ ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය බේරා ගන්න රජය මේ වෙද්දී උපරිම උත්සාහයක් දරමින් ඉන්නවා.

Discussion & Feedback