ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ රටේ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සහ උසස් තත්ත්වයේ පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි. අපේ රටේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවයට ලබාදෙන අවධානයම පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙනුත් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. මේ හරහා ජනතාවගේ එදිනෙදා ප්‍රවාහන වියදම් අඩු කරමින්, සැමට පහසුවෙන් ගමන් බිමන් යා හැකි ක්‍රමවේදයක් සකස් කිරීම තම අරමුණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය වුණා. විශේෂයෙන්ම පරණ බස් රථ ඉවත් කර ඒ වෙනුවට නාගරික ප්‍රදේශවලට ගැලපෙන නවීන පහසුකම් සහිත මෙට්‍රෝ බස් රථ හඳුන්වා දීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. මීට අමතරව නාගරික සංවර්ධන ව්‍යාපෘති, අපද්‍රව්‍ය කළමනාකරණය සහ නගර අලංකරණ වැඩසටහන්වල ප්‍රගතියත් ජනාධිපතිවරයා විසින් සමාලෝචනය කළා.
ඉදිරි වසර තුළ නිම කළ හැකි ව්‍යාපෘතිවලට මුල්තැන දී අයවැය ප්‍රතිපාදන වෙන් කරන ලෙසත්, විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලදී ඒවායේ අවසාන ප්‍රතිඵලය පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Discussion & Feedback