රටේ ආර්ථිකය කඩාකප්පල් කරමින් කළු ආර්ථික ක්‍රම හරහා නීතිවිරෝධී ලෙස රටින් පිටවෙමින් තිබූ ඩොලර් බිලියනයක මුදලක් නතර කිරීමට වත්මන් රජයට හැකි වී තිබෙනවා. අපේ රටේ තේ අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායමට සමාන මේ දැවැන්ත මුදල් කන්දරාව මෙතෙක් කල් හොර පාරේ රටින් පිටව ගියේ අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් කරමින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රේගුව එකතු වෙලා මේ නීතිවිරෝධී ජාවාරම් සියල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම වගේ නතර කරලා තියෙනවා. භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් අතරමගදී කොල්ලකෑමේ ක්‍රමවේදයන් සියල්ල අහෝසි කරලා, සෑම සතයක්ම නිසි ලෙස භාණ්ඩාගාරයට ලැබෙන තත්ත්වයක් අපි නිර්මාණය කරලා තියෙනවා.
මේ පියවරයන් නිසා 2025 වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපිට පුළුවන් වුණා. ඒ වගේම 1957න් පස්සේ වාර්තා වුණු අඩුම අයවැය හිඟය වාර්තා කරන්නත් අපිට හැකි වුණා. පසුගිය කාලේ වගේ කිසිම අධ්‍යයනයකින් තොරව වරාය, ගුවන්තොටුපළ වගේ ව්‍යාපෘතිවලට මුදල් නාස්ති කරන්නේ නැතුව, ලබන වසරේදී සංවර්ධන කටයුතු සඳහා රුපියල් ට්‍රිලියන දෙකක දැවැන්ත මුදලක් වෙන් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් බිලියන දෙකක විශේෂ අරමුදලක් ලබා දීලා, ප්‍රාදේශීය මට්ටමේ අවශ්‍යතා ඉටු කරගන්නත් අපි කටයුතු කරනවා.
මේ අතර මහපොළ ශිෂ්‍යාධාර, පොහොර සහනාධාරය සහ වැඩිහිටි දීමනා ඇතුළු සුබසාධන කටයුතු රැසක් සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයත් අපි ඉහළ නංවා තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම තමයි අපේ එකම අරමුණ.

Discussion & Feedback