1998 වසරේ තිරගත වුණු ජනප්රිය ‘ප්රැක්ටිකල් මැජික්’ චිත්රපටයේ දෙවන කොටස මේ දිනවල සිනමා ලෝකයම උණුසුම් කරමින් බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණ ගැනීමට සමත් වෙලා තියෙනවා. නිකොල් කිඩ්මන් සහ සැන්ඩ්රා බුලොක් නැවතත් ප්රධාන චරිතවලින් දායක වන මෙම චිත්රපටය, තිරගත වූ පළමු දින කිහිපය තුළම ඇමරිකානු ඩොලර් මිලියන 30ක ආදායමක් උපයා ගනිමින්, මීට පෙර වාර්තා තබා තිබූ ‘ස්පයිඩර් මෑන්’ චිත්රපටය පවා අභිබවා යන්නට සමත් වුණා. 1998 වසරේ පළමු චිත්රපටය තිරගත වූ අවස්ථාවේදී ලැබූ ආදායමට වඩා දෙගුණයක සාර්ථකත්වයක් මෙවර දැකගන්න ලැබීම විශේෂත්වයක්.
මෙම චිත්රපටය විචාරකයන්ගෙන් එතරම් හොඳ ප්රතිචාර නොලැබුණත්, ප්රේක්ෂකයන් අතර නම් විශාල ජනප්රියත්වයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘පොප්කොන් මීටර්’ දර්ශකයේ 93%ක ඉහළ අගයක් ලබා ගැනීමෙන් පෙනී යන්නේ ප්රේක්ෂකයන් මෙම චිත්රපටය දැඩි ලෙස වැළඳගෙන ඇති බවයි. පළමු චිත්රපටය නිෂ්පාදන වියදම පියවා ගැනීමට අපොහොසත් වුවත්, මෙවර ‘ප්රැක්ටිකල් මැජික් 2’ අඩු නිෂ්පාදන වියදමක් යටතේ නිර්මාණය වී තිබීම නිසා එය ලාභ ලබන චිත්රපටයක් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.
සිනමා ශාලාවලින් ලැබෙන ආදායමට අමතරව, ඉදිරියේදී ස්ට්රීමින් සහ අනෙකුත් මාධ්ය හරහා නිකුත් කිරීමෙන් මෙම චිත්රපටය තවත් විශාල ආදායමක් උපයා ගනු ඇතැයි විශ්වාස කරනවා. කෙසේ වෙතත්, මෙම චිත්රපටය අවසානයේදී ‘ප්රැක්ටිකල් මැජික්’ සිනමා මාලාවේ පළමු සාර්ථකම නිර්මාණය බවට පත්වෙයිද යන්න තවමත් කුතුහලයක්. කොහොම වුණත්, මේ වන විටත් මෙම චිත්රපටය රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් බොක්ස් ඔෆිස් හි ඉහළින්ම රැඳී සිටින බව නම් පැහැදිලියි.

Discussion & Feedback