කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මේ වන විට එරට ජනතාව දැඩි භීතියට පත්වෙලා ඉන්නවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන විදිහට මේ භූමිකම්පාව හටගෙන තියෙන්නේ චොකෝ ප්‍රාන්තයේ සැන් ජෝස් ඩෙල් පාල්මාර් කියන ප්‍රදේශයේ කිලෝමීටර් 107ක් ගැඹුරින්. උදෑසන 7.34ට විතර මේ කම්පනය දැනෙන්න පටන් ගත්තාම රටේ ප්‍රධාන නගර රැසකම ජනතාව කලබලයෙන් එළියට බැහැලා තියෙනවා.
චොකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය පවසන විදිහට ක්විබ්ඩෝ නගරයේ ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවෙලා තියෙනවා වගේම කිහිප දෙනෙක් තුවාල ලබා ඉස්පිරිතාලගත කරලත් තියෙනවා. අගනුවර වන බොගෝටා නගරයටත් මේ කම්පනය හොඳටම දැනුණා. එහේ ගොඩනැගිලිවල ඉන්න අය බියෙන් වීදිවලට බැහැලා හිටියත්, මේ වෙද්දී වාර්තා වෙන විදිහට නම් එහේ ලොකු හානියක් වෙලා නැහැ. හැබැයි ගොඩනැගිලිවල බිත්තිවල ඉරි තැලීම් වගේ දේවල් නම් දකින්න පුළුවන්.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන වීඩියෝ දර්ශනවලින් පේන විදිහට ගොඩනැගිලිවල කොටස් කඩා වැටිලා වීදි පුරා දූවිලි පිරිලා තියෙනවා. තවදුරටත් පසු කම්පන ඇති වෙන්න පුළුවන් නිසා ජනතාවට බොහොම පරිස්සමින් ඉන්න කියලා බලධාරීන් අනතුරු අඟවලා තියෙනවා. මේ මොහොතේදීත් සහන කණ්ඩායම් හානියට පත් ප්‍රදේශවල පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback