යුරෝපයේ අභ්යවකාශ ගමන් බලගන්වන ප්රබලතම රොකට්ටුව වන ‘ඒරියන් 6’ (Ariane 6) රොකට්ටුව පසුගිය අගෝස්තු 27 වැනිදා අභ්යවකාශය බලා සාර්ථකව ගමන් ආරම්භ කළා. ප්රංශ ගයනාවේ පිහිටි යුරෝපීය අභ්යවකාශ මධ්යස්ථානයේ සිට මෙම රොකට්ටුව දියත් කළේ පෘථිවියට කිලෝමීටර් 35,000කට වඩා ඉහළින් පිහිටි කක්ෂයකට නවීනතම කාලගුණික චන්ද්රිකාවක් රැගෙන යෑම සඳහායි. දියත් කිරීමෙන් මිනිත්තු 36කට පසුව මෙම MTG-I2 චන්ද්රිකාව නියමිත කක්ෂයට සාර්ථකව මුදා හැරීමට රොකට්ටුව සමත් වුණා.
මෙම MTG-I2 චන්ද්රිකාව නිර්මාණය කර තිබෙන්නේ දරුණු කාලගුණික තත්ත්වයන් සහ ස්වාභාවික ආපදා කල්තියා හඳුනා ගැනීම සඳහායි. විශේෂයෙන්ම හදිසියේ ඇතිවන කුණාටු, ගංවතුර තත්ත්වයන් සහ ලැව්ගිනි වැනි දේ වඩාත් නිවැරදිව නිරීක්ෂණය කිරීමට මෙම නවීන තාක්ෂණය ඉවහල් වෙනවා. මෙය යුරෝපීය කාලගුණ විද්යා චන්ද්රිකා ජාලයේ තවත් වැදගත් පියවරක් වන අතර, අනාගතයේදී ගුවන් ගමන් ආරක්ෂාවට සහ කාලගුණ අනාවැකි පැවසීමේ ක්රියාවලියට මෙය විශාල පිටුවහලක් වේවි.
ඒරියන් 6 රොකට්ටුව මෙලෙස සාර්ථකව අභ්යවකාශ මෙහෙයුම් සිදු කිරීම මගින් ලෝකයේ අභ්යවකාශ තරඟයේදී යුරෝපයට විශාල ශක්තියක් ලැබෙනවා. දැනටමත් අභ්යවකාශයේ ක්රියාත්මක වන අනෙකුත් චන්ද්රිකා සමඟ එක්ව, පෘථිවියේ වායුගෝලීය වෙනස්කම් සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳව වඩාත් පැහැදිලි දත්ත ලබා ගැනීමට මෙම මෙහෙයුම මගින් හැකියාව ලැබෙනු ඇති බවයි විද්යාඥයින් පවසන්නේ.

Discussion & Feedback