පවර් රේන්ජර්ස් රසිකයන්ට පසුගිය දවස් ටික නම් එච්චර හොඳ කාලයක් වුණේ නැහැ. මොකද, ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු Disney+ පවර් රේන්ජර්ස් රිබූට් එක සම්පූර්ණයෙන්ම අවලංගු කරලා කියන ආරංචියත් එක්ක රසිකයන් ලොකු කලකිරීමකට පත් වුණා. අවුරුදු තුනකට පස්සේ ආයෙත් පවර් රේන්ජර්ස් ලයිව් ඇක්ෂන් එකක් දකින්න ලැබෙයි කියලා හිතාගෙන හිටපු අයට මේක ලොකු පාඩුවක් වුණා. ඒත් මේ අතරේ අලුත් බලාපොරොත්තුවක් විදිහට ‘Ninja Kidz TV’ යූටියුබ් නාලිකාව හරහා ‘Mighty Morphin Power Rangers Return’ නමින් අලුත්ම වෙබ් සීරීස් එකක් එළිදැක්වීමට කටයුතු කරලා තියෙනවා.
මේක Playmates ආයතනයේ නිල අනුමැතිය ඇතුව කරන නිර්මාණයක්. මුලින්ම මේක ගැන පොඩි විවේචන තිබුණත්, පළවෙනි කොටස නිකුත් වුණාට පස්සේ රසිකයන් ගොඩක් දෙනෙක් මේකට කැමති වෙලා තියෙනවා. අඩු බජට් එකකින් කළාට, මේකේ තියෙන සටන් ජවනිකා සහ ශබ්ද සංයෝජනය හරිම අපූරුයි. විශේෂයෙන්ම ලෝඩ් සෙඩ් සහ ගෝල්ඩාර් වගේ චරිත මෙහිදී හරිම බියකරු විදිහට පෙන්නලා තියෙනවා. මුල් කාලීන පවර් රේන්ජර්ස් වල තිබුණු ඒ ආකර්ෂණය මේ නිර්මාණය තුළින් නැවතත් දකින්න ලැබෙනවා.
මේ සීරීස් එක විනාඩි 80ක කතාවක කොටසක් විදිහට තමයි එළිදැක්වෙන්නේ. Disney එකෙන් බලාපොරොත්තු වුණු ලොකුම ප්රොජෙක්ට් එක නැති වුණත්, පවර් රේන්ජර්ස් රසිකයන්ට මේ වෙලාවේ සතුටු වෙන්න පුළුවන් එකම දේ මේක විතරයි. මේක නිකම්ම නිකම් ෆෑන් මේඩ් නිර්මාණයක් විතරක් නෙවෙයි, පවර් රේන්ජර්ස් ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කරපු වැඩක්. ඔයාලටත් මේක යූටියුබ් එක හරහා නොමිලේම බලන්න පුළුවන්.

Discussion & Feedback