ලොව පුරා සිටින ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ ‘TV Time’ ඇප් එක ඉදිරියේදී වසා දැමීමට එහි හිමිකාර සමාගම වන Whip Media තීරණය කර තිබෙනවා. 2026 ජූලි 15 වැනිදායින් පසු මෙම සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර, එදිනට ඇප් එක ඇප් ස්ටෝර්වලින් ඉවත් කිරීමට නියමිතයි. මිලියන 26කට අධික පිරිසක් භාවිතා කළ මෙම ඇප් එක වසා දැමීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාගම සිය අවධානය කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය දෙසට යොමු කිරීමයි. නොමිලේ ලබා දෙන සේවාවක් ලෙස මෙය තවදුරටත් පවත්වාගෙන යාම ආර්ථික වශයෙන් අපහසු බවත්, ඒ සඳහා ගෙවීම් කරන පරිශීලකයන් ප්‍රමාණවත් නොවන බවත් සමාගම පවසනවා.
මෙම තීරණයත් සමඟම වසර ගණනාවක් පුරා ගොඩනැගුණු විශාල රසික ප්රජාවකට තම ප්‍රියතම වැඩසටහන් නිරීක්ෂණය කිරීමට තිබූ පහසුකම අහිමි වෙනවා. කෙසේ වෙතත්, පරිශීලකයන්ගේ පෞද්ගලික දත්තවල ආරක්ෂාව වෙනුවෙන්, සේවාව නතර කිරීමෙන් පසු සියලුම දත්ත මකා දැමීමට සමාගම කටයුතු කරන බවත්, අවශ්‍ය අයට ජූලි 15ට පෙර තම දත්ත බාගත කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. වර්තමානයේ බොහෝ තාක්ෂණික සමාගම් සාම්ප්‍රදායික ඇප් සේවාවන් අත්හැර දමා AI තාක්ෂණය ඔස්සේ නව ව්‍යාපාරික මාර්ග සොයා යාම මෙම වෙනසට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

Discussion & Feedback