ඔයාලා නිතරම බලන ෆිල්ම් සහ ටීවී සීරීස් ගැන විස්තර ලොග් කරලා තියාගන්න පාවිච්චි කරන ජනප්රිය ‘TV Time’ ඇප් එක මේ මාසේ 15 වෙනිදායින් පස්සේ සම්පූර්ණයෙන්ම වහලා දාන්න තීරණය කරලා තියෙනවා. ගොඩක් කාලයක් තිස්සේ මිලියන 25කට අධික පරිශීලකයන් පිරිසක් මේ ඇප් එක පාවිච්චි කළත්, මේක නොමිලේ පවත්වාගෙන යෑම ආර්ථික වශයෙන් අසීරු වෙලා තියෙනවා. ඒ වගේම මේක මුදල් ගෙවා පාවිච්චි කරන සේවාවක් විදිහට පවත්වාගෙන යන්න තරම් ඉල්ලුමක් නැති නිසා තමයි මෙහෙම තීරණයක් අරන් තියෙන්නේ. ඇත්තටම මේක ලොකු පාඩුවක්, මොකද මේක ඇප් එකක් විතරක් නෙවෙයි, ලෝකේ පුරා ඉන්න ෆිල්ම් ලෝලීන් එකතු වෙන ලොකු කමියුනිටි එකක් විදිහටත් වැඩ කළා.
මේ ඇප් එක වහලා දැම්මට පස්සේ ඔයාලගේ පෞද්ගලික දත්ත ඔක්කොම මැකිලා යනවා. ඒ නිසා ඔයාලා මේ වෙනකම් ලොග් කරපු දේවල් ඕනේ නම්, ජූලි 15ට කලින් ඇප් එකේ තියෙන ‘export tool’ එක පාවිච්චි කරලා ඒ දත්ත ටික ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඔවුන් දැනුම් දෙනවා. දැනට ලැබෙන ආරංචි අනුව, මේ වගේ ඇප් වහලා දාන්න ප්රධාන හේතුව වෙලා තියෙන්නේ සමාගම් දැන් වැඩිපුරම AI තාක්ෂණය පැත්තට යොමු වෙලා ඉන්න එකයි. කොහොම වුණත්, TV Time නැති වුණාම ඒ හිඩැස පුරවන්න Letterboxd වගේ වෙනත් ඇප්ස් ඉදිරියේදී මොන වගේ පියවරක් ගනීද කියලා අපි බලන් ඉමු.

Discussion & Feedback