ප්‍රසිද්ධ අනාවැකි වෙළඳපොළක් වන පොලිමාර්කට් (Polymarket) වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එහි පරිශීලකයන් කිහිප දෙනෙකුගේ මුදල් සොරාගෙන තිබෙනවා. තුන්වන පාර්ශ්වයකට අයත් මෘදුකාංගයක ඇති වූ දෝෂයක් හරහා හැකර්වරුන් වෙබ් අඩවියට අනිෂ්ට කේත ඇතුළත් කර ඇති බවයි සමාගම පවසන්නේ. මේ සිදුවීමෙන් පීඩාවට පත් වූ පරිශීලකයන් හඳුනාගෙන ඔවුන්ට අහිමි වූ මුදල් නැවත ලබා දීමට කටයුතු කරන බවත්, දැනට තත්ත්වය පාලනය කර ඇති බවත් පොලිමාර්කට් ආයතනය සඳහන් කරනවා.
බ්ලොක්චේන් තාක්ෂණය නිරීක්ෂණය කරන ආයතන පවසන විදිහට, මෙම හැකර් ප්‍රහාරය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රිප්ටෝ මුදල් සොරාගෙන තිබෙනවා. මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයන් කිහිප දෙනෙකුම තමන්ගේ මුදල් අහිමි වූ බවට පැමිණිලි කරමින් සිටිනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දීමට පොලිමාර්කට් ආයතනය මෙතෙක් කටයුතු කර නැහැ.
මීට අමතරව, පසුගිය දිනවල පොලිමාර්කට් ආයතනය සම්බන්ධයෙන් තවත් මතභේදාත්මක පුවත් වාර්තා වුණා. ඔවුන් විසින් අන්තර්ජාලයේ සිටින නිර්මාණකරුවන්ට මුදල් ගෙවා ව්‍යාජ ලෙස ඔට්ටු ඇල්ලීමේ ජයග්‍රහණ පෙන්වන වීඩියෝ නිර්මාණය කරවීම පිළිබඳව පසුගිය ඉරිදා හෙළිදරව් වුණා. මේ සියලු සිදුවීම් නිසා පොලිමාර්කට් ආයතනය මේ දිනවල දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback