අභ්‍යවකාශයේ තියෙන දත්ත මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කරගන්න ෆ්ලොරිඩා මූලික කරගත් ‘ලෝන්ස්ටාර් ඩේටා හෝල්ඩින්ග්ස්’ (Lonestar Data Holdings) ආයතනය පෝලන්තයේ ‘ඒරීස් ශීල්ඩ්’ (Ares Shield) කියන ස්ටාර්ට්අප් සමාගම එක්ක අලුත් ගිවිසුමකට එළඹිලා තියෙනවා. මේ ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6ක් විතර වෙනවා. අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකා වලට එන තර්ජනවලින් ආරක්ෂා වෙන්න මේ තාක්ෂණය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අභ්‍යවකාශයේ දත්ත ගබඩා කරනකොට ඒවායේ ආරක්ෂාව ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕන නිසා තමයි මේ වගේ පියවරක් අරගෙන තියෙන්නේ.
මේ ආරක්ෂක පද්ධතියේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන කෘත්‍රිම බුද්ධිය (AI) සහ අධි බලැති මයික්‍රෝවේව් (HPM) තාක්ෂණය. මේ මගින් චන්ද්‍රිකාවකට ළං වෙන සැක කටයුතු වෙනත් චන්ද්‍රිකා හඳුනාගෙන ඒවායේ ඉලෙක්ට්‍රොනික පද්ධති අක්‍රිය කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ලොකුම වාසිය තමයි අභ්‍යවකාශයේ අනවශ්‍ය සුන්බුන් (space debris) ඇති නොවී තර්ජන මර්දනය කරන්න පුළුවන් වීම. ඒරීස් ශීල්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ග්රෙගෝර්ස් ස්වොලින්ස්කි කියන විදිහට, මේ පද්ධතියෙන් කෙලින්ම පහර දෙනවා වෙනුවට මුලින්ම අනතුරු ඇඟවීම් සහ කුඩා ප්‍රමාණයේ ප්‍රහාර මගින් ප්‍රතිවාදීන්ට බාධා කරන්න පුළුවන්.
ලෝන්ස්ටාර් සමාගම දැනටමත් සඳ මත පවා දත්ත ගබඩා කිරීමේ පරීක්ෂණ සාර්ථකව සිදු කරලා තියෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ ‘ස්ටාර් වෝල්ට්’ (StarVault) කියන දත්ත ගබඩා ජාලය හරහා පෘථිවියෙන් පිටත ආරක්ෂිත දත්ත ගබඩා කිරීමේ නව යුගයක් ආරම්භ කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ඔක්තෝම්බර් මාසයේදී අභ්‍යවකාශගත කරන්න නියමිතයි.

Discussion & Feedback