මේ දවස්වල රථවාහන පොලිසියේ නමින් ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) කිහිපයක් ජංගම දුරකථනවලට ලැබෙනවා. ඒ පණිවිඩවල කියන්නේ ඔයා රථවාහන නීතියක් කඩ කරලා තියෙනවා කියලා සහ නියමිත කාලයක් ඇතුළත දඩ මුදල ඔන්ලයින් ගෙවන්න ඕනේ කියලා. එහෙම නොකළොත් දඩ මුදල වැඩි වෙනවා සහ නීතිමය පියවර ගන්නවා කියලා මේ පණිවිඩවලින් බය කරනවා. ඇත්තටම මේක ලොකු වංචාවක්. මේ පණිවිඩවල තියෙන ලින්ක් එක ක්ලික් කළාම ඔයාව ගෙනියන්නේ ව්‍යාජ වෙබ් අඩවියකට. එතනදී ඔයාගේ පෞද්ගලික විස්තර සහ බැංකු කාඩ්පත්වල තොරතුරු ඇතුළත් කරන්න කියලා කියනවා. ඒ විස්තර දුන්නාම ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි හොරු අරගන්න ඉඩ තියෙනවා.
මේ ගැන රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පැහැදිලි කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය කවදාවත් මේ වගේ ලින්ක් එවලා දඩ මුදල් ගෙවන්න කියන්නේ නැහැ. දැනට රජයේ නිල ක්‍රමය වෙන්නේ ‘GovPay’ හරහා විතරයි. ඒකත් පොලිස් නිලධාරියෙක් ලබා දෙන තොරතුරු මත විතරයි කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ සැක සහිත පණිවිඩවලට රැවටෙන්න එපා. මොනම හේතුවකටවත් ඔයාගේ බැංකු විස්තර මේ වගේ තැන්වලට දෙන්න එපා. ඔයා දැනටමත් මේ වගේ වංචාවකට අහුවෙලා නම්, ඉක්මනින්ම ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා පොලිසිය ඉල්ලා සිටිනවා.

Discussion & Feedback