මේ දවස්වල රජයේ නිල ගෙවීම් වේදිකාව වන ‘GovPay’ නමින් ව්‍යාජ වෙබ් අඩවි සහ කෙටි පණිවුඩ (SMS) භාවිතා කරලා ජනතාව රවට්ටන වංචනික ක්‍රියාවක් ගැන ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම රථවාහන දඩ මුදල් ගෙවන්න කියලා පවසමින් මේ වංචනිකයන් ව්‍යාජ ලින්ක් එවනවා. ඒ වගේම, ඔබ රථවාහන නීති උල්ලංඝනය කරලා තියෙනවා කියලා පවසමින් පොලිසියේ නම භාවිතා කරලා එන කෙටි පණිවුඩවල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න එපා කියලා පොලිසිය අවධාරණය කරනවා.
පොලිසිය පැහැදිලිවම කියන්නේ, රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කරද්දී පොලිසිය කිසිම වෙලාවක කෙටි පණිවුඩ හරහා බැංකු ගිණුම් විස්තර ඉල්ලන්නේ නැහැ වගේම ගෙවීම් කරන්න කියලා ලින්ක් එවන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් රථවාහන වැරැද්දක් වුණාම ඒ වෙලාවෙම දඩ පත්‍රිකාවක් ලබා දීම හෝ අධිකරණය හරහා කටයුතු කිරීම තමයි සිද්ධ වෙන්නේ. කැමරා මගින් වැරදි හඳුනා ගත්තත් පොලිසියෙන් කෙටි පණිවුඩ එවන ක්‍රමයක් නැහැ.
ඒ නිසා ඔය වගේ සැක සහිත ලින්ක් එකක් ආවොත් ඒක ක්ලික් කරන්නේ නැතුව ඉන්න වග බලා ගන්න. GovPay සේවාවන් ලබා ගන්න පුළුවන් වෙන්නේ නිල බැංකු සහ ෆින්ටෙක් ඇප්ලිකේෂන් හරහා විතරයි. ඔබ දැනටමත් මේ වගේ වංචාවකට හසු වෙලා තියෙනවා නම්, වහාම ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් කරන්න කියලා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback