මේ දවස්වල රථවාහන නීති කඩ කළා කියලා ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එනවා නම් හරි, ඊමේල් එකක් එනවා නම් හරි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ දවස්වල පොලිසියේ නම පාවිච්චි කරලා ව්‍යාජ පණිවිඩ යවන සයිබර් අපරාධකරුවන් පිරිසක් ක්‍රියාත්මක වෙනවා. අධිවේගී මාර්ගවල රථවාහන නීති කඩ කළා කියලා පවසමින් මේ ව්‍යාජ පණිවිඩ එවන අතර, ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කළොත් ඔයාලගේ පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම්වල තියෙන සල්ලි පවා හොරුන්ට ගන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක නොදන්නා අංකවලින් එන ලින්ක් ක්ලික් කරන්න එපා කියලා පොලිසිය විශේෂයෙන්ම මතක් කරනවා.
පොලිසිය කියන විදිහට මේ වගේ මැසේජ් එකක් ආවම ඒකේ තියෙන දේවල් ගැන කලබල වෙන්න එපා. විශේෂයෙන්ම ඔයාලගේ බැංකු කාඩ්පත් විස්තර, OTP අංක, හරි රහස් මුරපද කිසිම වෙබ් අඩවියකට ඇතුළත් කරන්න එපා. මොකද පොලිසිය කිසිම වෙලාවක මේ වගේ ක්‍රමයකින් සල්ලි ඉල්ලන්නේ නැහැ. ඔයාලට මොනවා හරි සැකයක් තියෙනවා නම්, පොලිසියේ නිල වෙබ් අඩවියට ගිහින් ඒ ගැන තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ව්‍යාජ පණිවිඩ ගැන වහාම අදාළ අංශවලට දැනුම් දෙන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරලා තියාගන්න එකත් මේ වගේ සයිබර් ප්‍රහාරවලින් බේරෙන්න ලොකු උදව්වක් වෙනවා.

Discussion & Feedback