මේ දිනවල උදාවී තිබෙන පොසොන් උත්සව සමයේදී ජලාශ, දිය ඇලි සහ ගංගා ආශ්රිත ප්‍රදේශවලට යද්දී ගොඩක් පරිස්සම් වෙන්න කියලා පොලිසිය ජනතාවට මතක් කරනවා. මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් දියේ ගිලීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ නිසා පොසොන් නිවාඩුවට විනෝද වෙන්න යනකොට ආරක්ෂිත පුවරු කියවලා, ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න. විශේෂයෙන්ම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කරලා ජලයට බැසීම තහනම්. ඒ වගේම දරුවන් ගැන නිතරම ඇහැගහගෙන ඉන්න කියලා දෙමාපියන්ටත් පොලිසිය සිහිපත් කරනවා. මේ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබෙන නිසා නීතිය කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම පාරේ යනකොට අනවශ්‍ය විදියට ශබ්ද නගන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ගැනත් පොලිසිය විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. සයිලන්සර් වෙනස් කරලා හයියෙන් සද්ද එන විදියට හදාගත්ත වාහනවලට එරෙහිව නීතිමය පියවර ගන්න පොලිසිය සූදානම්. ඒ වගේම යතුරුපැදිවල යනකොට රියදුරා සහ පිටුපස ඉන්න කෙනා අනිවාර්යයෙන්ම හිස්වැසුම් පැළඳිය යුතුයි. නීති විරෝධී විදියට වැඩිපුර මගීන් රැගෙන යාම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නිවාඩුවට ගෙදරින් පිටවෙලා යනකොට වැඩිහිටියන් තනි නොකර, නිවසේ ආරක්ෂාව ගැනත් හොඳින් සොයා බලා කටයුතු කරන්න කියලා පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback