මේ දවස්වල GOV PAY කියන රජයේ නිල වෙබ් අඩවිය වගේම පෙනුමක් තියෙන ව්‍යාජ වෙබ් අඩවියක් පාවිච්චි කරලා ජනතාව රවට්ටන අලුත්ම වංචාවක් ගැන පොලිසිය අනතුරු අඟවනවා. රථවාහන දඩ මුදල් ගෙවන්න කියලා එන ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) සහ වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ තමයි මේ වංචනිකයන් ජනතාවව නොමඟ යවන්නේ. මේ ව්‍යාජ ලින්ක් එක ක්ලික් කළාම ඔයාලගේ පෞද්ගලික තොරතුරු වගේම බැංකු ගිණුම්වල තියෙන මුදල් පවා සොරාගන්න මේ වංචනිකයන් කටයුතු කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැහැදිලිවම කිව්වේ, GOV PAY හරහා දඩ ගෙවන්න වෙනත් කිසිම විකල්ප වෙබ් අඩවියක් හෝ ලින්ක් එකක් රජයෙන් අනුමත කරලා නැහැ කියලා. ඒ නිසා ඔයාලට එන සැක සහිත පණිවිඩවලට කිසිම විදියකින් ප්‍රතිචාර දක්වන්න එපා. විශේෂයෙන්ම ඔයාලගේ පෞද්ගලික තොරතුරු හෝ බැංකු කාඩ්පත් විස්තර කිසිම වෙලාවක මේ වගේ තැන්වලට ලබා දෙන්න එපා කියලා පොලිසිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තරයේ අවධාරණය කරනවා.
රථවාහන දඩ මුදල් ගෙවීමේදී හැම වෙලාවෙම රජයේ නිල වෙබ් අඩවිය විතරක් පාවිච්චි කරන්න වග බලා ගන්න. මේ වගේ වංචාවලට අහු නොවී ඉන්න එක ඔයාලගේම වගකීමක්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් නොදන්නා ලින්ක් එකක් හරහා ගිහින් ගෙවීම් කරන්න එපා. මේ පණිවිඩය ඔයාලගේ යාළුවෝ අතරත් බෙදාගෙන ඔවුන්වත් මේ වංචාවෙන් බේරගන්න උදව් වෙන්න.

Discussion & Feedback