මේ දවස්වල ෆේස්බුක් මාකට්ප්ලේස් සහ ඉක්මන් වගේ වෙබ් අඩවි හරහා භාණ්ඩ මිලදී ගන්නා අයට අලුත්ම විදියේ වංචාවක් ගැන පොලිසියෙන් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ කරන අයට සහ සිමෙන්ති, ඇස්බැස්ටෝස් වගේ දේවල් අඩු මිලට හොයන අයට තමයි මේ අවදානම වැඩිපුරම තියෙන්නේ. මේ වංචාකාරයෝ කරන්නේ වෙළඳපොළ මිලට වඩා ගොඩක් අඩු මිලට භාණ්ඩ තියෙනවා කියලා දැන්වීම් දාන එකයි.
මේක සිද්ධ වෙන්නේ හරිම සූක්ෂම විදිහට. ඔයා භාණ්ඩයක් ඕඩර් කළාම, මේ වංචාකාරයා ඔයා ඉන්න ප්රදේශයේම තියෙන ඇත්තම හාඩ්වෙයාර් එකකට කතා කරලා ඒ භාණ්ඩ ඔයාගේ ගෙදරට හෝ වැඩපොළට යවන්න කටයුතු කරනවා. භාණ්ඩ ටික ඔයාගේ අතට ලැබුණට පස්සේ, වංචාකාරයා ඔයාට කතා කරලා කියනවා සල්ලි එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා. ඔයා ඒක විශ්වාස කරලා සල්ලි දැම්මට පස්සේ තමයි හාඩ්වෙයාර් එකේ අය ඇවිත් සල්ලි ඉල්ලන්නේ. එතකොට තමයි ඔයාට තේරෙන්නේ ඔයා ලොකු වංචාවකට අහුවෙලා කියලා. මේ නිසා ඔයාට සල්ලිත් නැති වෙනවා, භාණ්ඩ ටිකත් නැති වෙනවා.
ඒ නිසා ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න. කවදාවත් භාණ්ඩ ලැබෙන්න කලින් නාඳුනන පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැර කරන්න එපා. මොනවා හරි භාණ්ඩයක් ඕඩර් කරනවා නම් ඒක විශ්වාසවන්ත තැනකින්ම කරනවා වගේම, භාණ්ඩ ලැබුණට පස්සේ පමණක් මුදල් ගෙවන්න වග බලා ගන්න. මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියලා පොලිසිය හැමෝටම මතක් කරනවා.

Discussion & Feedback