මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් දෙසට ලේසර් කිරණ එල්ල කරන ඕනෑම අයෙක් වහාම අත්අඩංගුවට ගන්නා බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසනවා. පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් බිය විය හැකි අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් උපකරණ භාවිත කිරීම දැඩි ලෙස තහනම් බවත්, එවැනි දේවල් පෙරහැර මාර්ගයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම බැතිමතුන්ට ගමන් කිරීමට වෙන් කර ඇති පදික වේදිකාවලට බාධාවක් වන පරිදි පුටු තැබීමට කිසිදු අවසරයක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙය ශ්‍රී දළදා වහන්සේ සහ සතර මහා දේවාල වෙනුවෙන් පවත්වන උතුම් ආගමික පෙරහැරක් මිස විනෝද උත්සවයක් නොවන බව සිහිපත් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා, පෙරහැර ගමන් කරන අතරතුර කෑගැසීම හෝ විසිල් ගැසීම වැනි ක්‍රියාවලින් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වසරවලදී සංචාරක මඟපෙන්වන්නන් ලෙස පෙනී සිටිමින් විදේශිකයන්ගෙන් මුදල් අය කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳව වාර්තා වී තිබූ නිසා, මෙවර පෙරහැරේ ආරක්ෂාව සඳහා සංචාරක පොලිසියේ අමතර නිලධාරීන් පිරිසක් විශේෂයෙන් යොදවා තිබෙනවා. ඒ නිසා පෙරහැරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමට සැමදෙනාම වගබම වගබලා ගත යුතුයි.

Discussion & Feedback