සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු හිතාගන්නවත් බැරි තරම් කම්පනීය වීඩියෝවක් නිසා මේ දවස්වල හැමෝම වගේ කතා වෙන්නේ පොඩි දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන දර්ශන පෙළක් ගැනයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වුණු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, ඒ ගැන විශේෂ විමර්ශනයක් පටන් ගත්තා. නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා සහ පොලිස් පරීක්ෂක කන්දේපන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැප්තැම්බර් 18 වෙනිදා ගණේමුල්ල, සුමේධ මාවතේ පිහිටි නිවසක් වැටලීමට කටයුතු කළා.
එතැනදී තමයි මේ 11 හැවිරිදි දරුවාව පොලිස් නිලධාරීන් විසින් සොයාගත්තේ. දරුවා ජීවත් වෙලා තියෙන්නේ ඉතාමත් අනාරක්ෂිත සහ දරුවෙකුට නුසුදුසු පරිසරයක බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ නිසාම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව වහාම පොලිස් භාරයට ගන්න නිලධාරීන් පියවර ගත්තා. පසුව දරුවාව සහ ඔහුගේ මව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත රැගෙන ආවා. දරුවාගේ අනාගතය සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරියේදී ගත යුතු නීතිමය පියවර සහ සුබසාධන කටයුතු පිළිබඳව පොලිසිය මේ වන විටත් කටයුතු කරමින් ඉන්නවා. සමාජයේ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගැනීම වැඩිහිටියන් වන අප සැමගේම වගකීමක්.

Discussion & Feedback