දෙහිවල කවුඩාන හන්දිය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා. පසුගිය ජූලි 23 වැනිදා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මේ අත්අඩංගුවට ගැනීම සිදු කරපු පොලිස් සැරයන් මානවඩු සහ පොලිස් කොස්තාපල් චන්දන යන මහත්වරුන්ව ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරී නිලංග මහතා විසින් පසුගිය සඳුදා (27) විශේෂයෙන් ඇගයීමට ලක් කළා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මේ සැකකරු ඉතාමත් කලහකාරී ලෙස හැසිරිලා තියෙනවා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔහු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණත්, එම නිලධාරීන් දෙදෙනා තමන්ට ලැබුණු පුහුණුව උපයෝගී කරගෙන ඉතාමත් දක්ෂ ලෙස සැකකරුව පාලනය කරගෙන අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ඔවුන්ගේ මේ කැපවීම සහ දක්ෂතාවය අගයමින් පොලිස්පතිතුමාගේ උපදෙස් මත පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයක් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා.
සමාජයෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන්න මෙවැනි නිලධාරීන් ඉටු කරන්නේ ඉතාමත් වටිනා සේවයක්. නීතිය හා සාමය ආරක්ෂා කරන්න තමන්ගේ රාජකාරිය උපරිමයෙන් ඉටු කරපු මේ නිලධාරීන් දෙදෙනාට බොහෝ දෙනෙක් මේ වන විටත් ප්‍රශංසා කරමින් ඉන්නවා.

Discussion & Feedback