මේ දවස්වල සමාජ මාධ්‍යවලත් කතාබහට ලක්වෙනවා වාහනවල ඩිජිටල් රක්ෂණ සහතික පොලිස් නිලධාරීන් විසින් පිළිගන්නේ නැති බවට. මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. නීත්‍යානුකූලව නිකුත් කරපු ඩිජිටල් රක්ෂණ සහතික ප්‍රතික්ෂේප කරන ඕනෑම නිලධාරියෙක්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා. දැනටමත් ලංකාවේ රක්ෂණ සමාගම් 14ක් විසින් නිකුත් කරන මේ ඩිජිටල් සහතිකවල වලංගුභාවය පිළිගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තියෙන්නේ.
ඔබේ වාහනයේ රක්ෂණය වලංගුද කියලා පරීක්ෂා කරන්න පොලිස් නිලධාරීන්ට දැන් පහසු ක්‍රම තියෙනවා. *138# අංකය හරහා හෝ කෙටි පණිවිඩ සේවාවක් මගින් ඕනෑම වාහනයක රක්ෂණ තොරතුරු ඉතාම ඉක්මනින් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම 138 ක්ෂණික ඇමතුම් අංකය හරහාත් මේ ගැන සහාය ලබාගන්න පුළුවන්. ඒ නිසා රක්ෂණ සහතිකය ඩිජිටල් ක්‍රමයට තිබුණා කියලා කිසිම පොලිස් නිලධාරියෙක්ට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ.
යම් විදිහකින් පොලිස් නිලධාරියෙක් ඔබේ ඩිජිටල් රක්ෂණ සහතිකය පිළිගන්නේ නැත්නම්, ඒ ගැන අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට පැමිණිලි කරන්න ඔබට පුළුවන්. ඒ වගේම සිද්ධියට අදාළ විස්තර සහිතව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අංශයට 070 475 5600 කියන වට්ස්ඇප් අංකයටත් පැමිණිලි කරන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙවැනි උපදෙස් නොසලකා හැරීම රාජකාරිය පැහැර හැරීමක් ලෙස සලකා ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවත් පොලිසිය අවධාරණය කරනවා.

Discussion & Feedback