නයිජීරියාවේ අගනුවර වන අබුජා නගරයේදී නීති විරෝධී මාර්ග බාධකයක් දමා රියදුරන්ගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට අන්තිමේදී හොඳ වැඩක් සිද්ධ වෙලා තියෙනවා. මොවුන් අල්ලස් ඉල්ලලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, රටේ දූෂණ මර්දන ඒජන්සියක ප්‍රධානියා වන මුසා අලියුගෙන්. අලියු තමන්ගේ වාහනයෙන් යමින් සිටියදී ඔහුව නතර කරපු මේ පොලිස් නිලධාරීන්, රථවාහන නීති කඩ කළා කියලා බිය ගන්වලා ඔහුගෙන් නයිජීරියානු නයිරා 53,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන තියෙනවා. අලියු මේ ගැන වහාම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව තමයි මේ නිලධාරීන්ව අල්ලගන්න පුළුවන් වුණේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වපු පොලිස් කොමසාරිස් අහමඩ් සනුසි කිව්වේ, මේ නිලධාරීන් තමන්ගේ රාජකාරිය පැහැර හැරලා මෙවැනි නීති විරෝධී වැඩවල නිරත වීම කිසිසේත්ම අනුමත කරන්න බැරි බවයි. “ඔයාලට තෝරාගන්න වෙනවා, එක්කෝ පොලිස් නිලධාරියෙක් වෙන්න, නැත්නම් හොරෙක් වෙන්න. දෙකම එකට කරන්න බැහැ,” කියලා ඔහු දැඩිව අවවාද කරලා තියෙනවා. දැනට මේ නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන අතර, ඔවුන්ව සේවයෙන් පහ කිරීමට පවා ඉඩ තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නයිජීරියාව වගේ රටක මෙවැනි සිදුවීම් නීතියේ රැහැනට හසුවීම ඉතාමත් දුර්ලභ දෙයක් විදියටයි සැලකෙන්නේ.

Discussion & Feedback