දිනෙන් දින ඉහළ යන ටැක්සි ආශ්රිත අපරාධ සහ බියගැන්වීම් සැලකිල්ලට ගනිමින්, ටැක්සි සේවාවන් භාවිතා කරන මගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතා වැදගත් ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසන පරිදි, මගීන් තමන් ගමන් ගන්නා වාහනයේ ලියාපදිංචි අංකය, මාදිලිය සහ රියදුරුගේ විස්තර නිවැරදි දැයි ගමන ආරම්භ කිරීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් කරන විට, රියදුරු හුරුපුරුදු නැති හෝ හුදකලා මාර්ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස පොලිසිය මගීන්ට මතක් කර දෙනවා.
ගමන ආරම්භයේ සිට අවසානය දක්වා තමන්ගේ ‘Live Location’ එක විශ්වාසවන්ත පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට යොමු කිරීමෙන් අනවශ්‍ය අවදානම් මගහරවා ගත හැකියි. ඒ වගේම ගමන අතරතුර නොදන්නා පුද්ගලයින් ලබා දෙන ආහාර හෝ බීම වර්ග කිසිවිටෙකත් භාර නොගන්නා ලෙසත්, රන් ආභරණ, ජංගම දුරකථන වැනි වටිනා දේ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය අවධාරණය කරනවා. යම් සැක සහිත තත්ත්වයක් හෝ තර්ජනයක් දැනේ නම් වහාම 119 හෝ 118 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙසත්, රියදුරන් ද මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් පොලිසිය වැඩිදුරටත් සිහිපත් කරනවා.

Discussion & Feedback