වැලිගම ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 15කට අධික වත්කම් තොගයක් පොලිසිය විසින් තහනම් කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ පුද්ගලයා EZ Cash මුදල් හුවමාරු ක්‍රමය හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට පොලිස්පතිතුමාට ලැබුණු තොරතුරක් මත තමයි මේ විශේෂ විමර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවයි මේ සැකකරුට අයත් වත්කම් හඳුනාගෙන තියෙන්නේ.
මෙම සිද්ධියට අදාළව පසුගිය සිකුරාදා (04) දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ වත්කම් ගනුදෙනු කිරීම දින 14ක කාලයකට තහනම් කරලා තියෙනවා. නීතිමය ප්‍රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති අතර, සැකකරුගේ අනෙකුත් නීතිවිරෝධී වත්කම් පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙවැනි නීතිවිරෝධී මුදල් සහ දේපළ අත්පත් කරගැනීම හරහා ඔවුන්ගේ ජාලය බිඳ දැමීමට පොලිසිය මේ වන විට දැඩි පියවර ගනිමින් ඉන්නවා.

Discussion & Feedback