දැන් රටේ ඕනෑම තැනක රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා ‘GovPay’ පහසුකම සියලුම පොලිස් ස්ථානවල සහ රාජකාරියේ යෙදෙන රථවාහන පොලිස් නිලධාරීන් සතුව තියෙනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසන විදිහට, රථවාහන රාජකාරියේ යෙදෙන සෑම නිලධාරියෙක්ම අනිවාර්යයෙන්ම මේ සඳහා අවශ්‍ය ජංගම උපාංග තමන් ළඟ තබාගත යුතුයි. ඒ නිසා රියදුරන්ට දඩ මුදල් ගෙවන්න පොලිස් ස්ථානයට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම GovPay පහසුකම නැතැයි කියමින් රියදුරන්ව පොලිස් ස්ථානවලට යොමු කරනවා නම්, එය අදාළ නිලධාරියා අතින් සිදුවන බරපතළ වරදක් බවත් ඔහු අවධාරණය කරනවා.
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ මේ පහසුකම මහජනතාවට ලැබිය යුතු අයිතියක් ලෙස පොලිස්පතිවරයා විසින්ම උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී රථවාහන වැරදි සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් (Demerit point system) හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා. යම් නිලධාරියෙක් GovPay පහසුකම නැතැයි පවසමින් ඔබට කරදර කරනවා නම් හෝ අනිසි ලෙස පොලිස් ස්ථානයට කැඳවනවා නම්, ඒ ගැන වහාම පැමිණිලි කරන්න කියලා රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ නව ක්‍රමවේදය නිසා රියදුරන්ට තමන්ගේ කාලය සහ ශ්‍රමය ඉතිරි කරගෙන ඉතා පහසුවෙන් දඩ මුදල් ගෙවීමේ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා.

Discussion & Feedback