පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හරිම වේගයෙන් පැතිර ගිය වීඩියෝවක් ගැන ඔයාලත් අහන්න ඇතිනේ. ඒ තමයි දිවුලපිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ මාර්ගය අවහිර කරලා, කඩුවක් අතින් අරගෙන පුද්ගලයෙක්ට තර්ජනය කරපු සිද්ධිය. මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක්ව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අගෝස්තු 11 වැනිදා සිද්ධ වුණු මේ දේ ගැන සමාජ මාධ්‍ය හරහා ලොකු කතාබහක් ඇති වුණා.
පොලිසිය කියන විදිහට අත්අඩංගුවට ගත් පිරිස අතරේ අදාළ මෝටර් රථයේ රියදුරු, ඒ වාහනයේ ගමන් කරපු තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඉන්නවා. අගෝස්තු 13 වැනිදා පොලිසිය විසින් මොවුන්ව අත්අඩංගුවට ගත්තා. මේ සැකකරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ විවිධ වගන්ති යටතේ නීතිමය පියවර අරගෙන තියෙනවා වගේම, රියදුරුට එරෙහිව මෝටර් රථ ප්‍රවාහන පනත යටතේත් චෝදනා ගොනු කරලා තියෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාව අගෝස්තු 14 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා කියලා තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. සමාජයේ මෙවැනි අශිෂ්ට ක්‍රියා සිදුවීම ගැන බොහෝ දෙනෙක් දැඩි විවේචන එල්ල කරලා තිබුණා.

Discussion & Feedback