පසුගිය බදාදා උදෑසන රුසියානු හමුදාවට අයත් Mi-8 වර්ගයේ හෙලිකොප්ටරයක් පෝලන්ත ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වී තිබෙනවා. රුසියාවේ කලිනින්ග්රෑඩ් ප්රදේශයේ සිට පැමිණි මෙම යානය පෝලන්ත දේශසීමාව තුළ මීටර් 300ක් පමණ දුරකට ගමන් කර තත්පර 42ක් රැඳී සිටි බවයි පෝලන්ත හමුදාව පවසන්නේ. මෙම සිදුවීමත් සමඟ පෝලන්තය වහාම තම ප්රහාරක ජෙට් යානා සූදානම් කළ අතර, ගුවන් ආරක්ෂක අංශ ද දැඩි අවධානයෙන් සිටියා. පෝලන්ත බලධාරීන් පවසන්නේ රුසියාව නැවත වරක් ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතියේ සූදානම පරීක්ෂා කිරීමට උත්සාහ කරන බවයි.
යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව සහ නේටෝ සාමාජික රටවල් අතර පවතින්නේ ඉතා උණුසුම් තත්ත්වයක්. පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් පවසන්නේ රුසියාව විසින් යුරෝපීය රටවලට එරෙහිව හයිබ්රිඩ් ප්රහාර සහ බිය ගැන්වීම් සිදු කරන බවයි. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නේටෝ රටවලට පහර දීමේ සැලසුමක් නොමැති බව පවසා තිබුණත්, යුරෝපීය රටවල් රුසියාවේ මෙම ක්රියාකලාපය දෙස බලන්නේ සැකයෙන්. විශේෂයෙන්ම මෑතකදී යුරෝපයේ විවිධ රටවල සිදුවූ ගිනිගැනීම් සහ පිපිරීම් පිටුපස රුසියාව සිටින බවට බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා. පෝලන්තය ඇතුළු නේටෝ රටවල් තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback