පෝක්මන් ලෝකයේ රසිකයන් ගොඩක් ආදරය කරන පළමු පරම්පරාවේ පෝක්මන් ගැන අලුත්ම ආරංචියක් දැන් අහන්න ලැබෙනවා. ඒ තමයි ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත ‘Pokémon Winds & Waves’ ක්රීඩාව හරහා අපේ ආදරණීය Psyduck සඳහා අලුත්ම ‘Regional Variant’ එකක් හඳුන්වා දීමට නියමිත බව. මේ අලුත් Psyduck එක Ice සහ Psychic වර්ගයේ එකක් විදිහට තමයි එන්න නියමිත වෙලා තියෙන්නේ. විශේෂම දේ තමයි, අවුරුදු 30කට පස්සේ Psyduck හට අලුත්ම තුන්වන පරිණාමයක් ලැබීම. ඒ කියන්නේ මේ පාර Psyduck පරිණාමය වෙන්නේ Golduck වෙන්න නෙවෙයි, සම්පූර්ණයෙන්ම අලුත් ජීවියෙක් විදිහටයි.
මේ ආරංචිය Centro Leaks හරහා පැතිරුණත්, තාම නිල වශයෙන් තහවුරු කරලා නැහැ. ඒ නිසා මේක තවමත් කටකතාවක් විදිහට තමයි සලකන්න වෙන්නේ. හැබැයි Psyduck කියන්නේ ඇත්තටම Psychic හැකියාවන් තියෙන පෝක්මන් කෙනෙක් වුණත්, මෙච්චර කාලයක් එයාට ඒ වර්ගය නොලැබීම රසිකයන් අතර ලොකු කතාබහක් වුණා. ඉතින් මේ අලුත් වෙනසත් එක්ක ඒ අඩුපාඩුව මකන්න පුළුවන් වෙයි කියලා රසිකයන් ගොඩක් බලාපොරොත්තු වෙනවා.
මේ ක්රීඩාව 2027 අවසාන භාගයේදී තමයි Nintendo Switch සඳහා නිකුත් වෙන්නේ. Psyduck විතරක් නෙවෙයි, Drowzee සඳහාත් අලුත් ස්වරූපයක් ලැබෙනවා කියලා ආරංචි තියෙනවා. ඒ වගේම අවුරුදු 13කට පස්සේ අලුත් Eevee පරිණාමයක් බලාගන්න පුළුවන් වෙයිද කියලත් රසිකයන් ලොකු කුතුහලයකින් ඉන්නවා. Game Freak ආයතනය මේ පාර මොන වගේ පුදුමයන් අපිට ගේයිද කියලා බලන්න තව කාලයක් ඉන්න වෙනවා.

Discussion & Feedback