පොකේමන් රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. පොකේමන් ආයතනය තමන්ගේ 30 වැනි සංවත්සරය සමරන මේ වසරේ, රසිකයන් අතර ගොඩක් ජනප්රිය ‘ඊවී’ (Eevee) චරිතය ඇසුරින් නිර්මාණය කරපු සුවිශේෂී ජීවමාන ප්රමාණයේ රූපයක් එළිදක්වන්න කටයුතු කරලා තියෙනවා. සයිඩ්ෂෝ (Sideshow) ආයතනය විසින් නිල වශයෙන් නිෂ්පාදනය කරන මේ රූපය, හරියටම කාටූන් එකේ ඉන්න ඊවී වගේමයි. අඟල් 13.5ක උසකින් යුත් මේ රූපය පොලිස්ටෝන්වලින් හදලා තියෙන්නේ ඉතාම සියුම් විස්තර සහිතවයි. මල් පිරිලා තියෙන තණකොළ පිටියක ඉන්න විදිහට නිර්මාණය කරලා තියෙන මේ රූපය, ඊවීගේ පරිණාමය වීමේ හැකියාව සංකේතවත් කරනවා.
මේ සීමිත සංස්කරණයේ රූප 800ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. දැනටමත් මේ සඳහා පෙර ඇණවුම් භාරගන්නා අතර, එහි මිල ඇමරිකානු ඩොලර් 530ක් වෙනවා. 2026 නොවැම්බර් මාසයේ ඉඳන් 2027 මැයි මාසය දක්වා කාලය තුළ මේවා බෙදාහැරීමට නියමිතයි. පොකේමන් රසිකයෙක් විදිහට ඔයාටත් ඔයාගේම කියලා ඊවී කෙනෙක් ළඟ තියාගන්න මේක හොඳම අවස්ථාවක්. පොකේමන් 30 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් වෙන මේ සුවිශේෂී නිර්මාණය, ඕනෑම එකතුකරන්නෙකුගේ එකතුවකට ලොකු වටිනාකමක් එකතු කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්.

Discussion & Feedback