ලෝකය පුරාම ඉන්න පොකෙමන් රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. පොකෙමන් ෆ්රැන්චයිස් එකට දැන් අවුරුදු 30ක් පිරෙනවා. ඒ වෙනුවෙන් ලෝකයේම ආදරය දිනාගත්ත අපේ පිකාචුගේ පෙනුම සම්පූර්ණයෙන්ම අලුත් කරලා තියෙනවා. 1996 දී ජපානයෙන් ආරම්භ වුණු මේ ගමන අද වෙනකොට ලෝකයේම ජනප්රියම විනෝදාස්වාද අංගයක් බවට පත්වෙලා ඉවරයි. මේ විශේෂ සංවත්සරය සැමරීම සඳහා ජනප්රිය ජපන් කලාකරුවෙක් වන යොෂිරොටන් (YOSHIROTTEN) විසින් පිකාචුගේ අලුත්ම ‘ෆියුචරිස්ටික් රෙයාර්’ (Futuristic Rare) නිර්මාණ කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා.
මේ අලුත් නිර්මාණවලදී පිකාචුගේ පෙනුම දවල් සහ රෑ කියන තේමාවන් දෙකක් යටතේ නිර්මාණය කරලා තියෙනවා. මේවා දකිනකොට ඇත්තටම හරිම වෙනස් සහ ආකර්ෂණීය පෙනුමක් තමයි ලැබෙන්නේ. ලබන සැප්තැම්බර් 16 වෙනිදා එළිදක්වන මේ විශේෂ පොකෙමන් කාඩ් එකතුවේ, සෑම පැකට්ටුවකම පිකාචුගේ අලුත් චිත්ර 30කින් එකක් අන්තර්ගත වෙනවා. මේ කාඩ්පත්වල තියෙන ලෝහමය වයනය සහ ආලෝක රටා නිසා ඒවා ඇත්තටම අනාගතවාදී පෙනුමක් ගන්නවා.
මේ අලුත් පිකාචු නිර්මාණ ගැන රසිකයන් ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඉදිරි සති කිහිපය තුළ තවත් විවිධ කලාකරුවන්ගේ නිර්මාණ බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඔයාලත් පොකෙමන් රසිකයෙක් නම් මේ අලුත් පිකාචුගේ පෙනුම ගැන මොකද හිතන්නේ? මේ සංවත්සරය වෙනුවෙන් තවත් ගොඩක් දේවල් ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback